නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතය වර්තමානයේ ලෝකය පුරා පැතිරුණු ප්‍රබල ගැටළුවක්ව පවතිනවා. මේ හරහා රටක ආර්ථිකයට, සමාජ යහපැවැත්මට, සහ සෞඛ්‍ය පද්ධතියට ඉතා ඉහළ පීඩනයක් එල්ල කරනු ලබනවා. තාක්ෂණයේ පිබිදීම සමග නව ආරයන්ගේ මත්ද්‍රව්‍ය, අලුත් අලුත් ක්රමයන්ට සමාජගත වීම පැහැදිලි සමාජ ගැටලුවක් වී අවසාන යි. පාසල් අධ්‍යාපනය ලබන සිසුන් ඇතුළු තරුණ ප්‍රජාවක් වර්තමානය වන විට මෙහි ගොදුරක් වී අවසාන යි. මෑතකාලීන ලංකාවෙන් නීති විරෝධී මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම් බහුල වශයෙන් වාර්තා වුණා. මේ අතර ඉතා වේගයෙන් තාරුණ්‍යය බිලිගන්නා එක් මත්ද්‍රව්‍යයක් වර්ධනීය සමාජගතවීමක් පෙනෙන්නට තිබුනා.
මොනවද මේ ‘අයිස්’?
මෙතැම්ෆිටමීන් හෙවත් ‘අයිස්’ උත්තේජක මත්ද්‍රව්‍යයක් ලෙස හඳුන්වනු ලබනවා. ‘ක්‍රිස්ටල් මෙත්’, සහ ‘ක්‍රිස්ටල්’ වැනි නාමයන්ගෙන් ද හැඳින්වෙන මෙහි ක්‍රියාකාරීත්වය වන්නේ මොළය සහ ශරීරය අතර පණිවුඩ හුවමාරුව වේගවත් කිරීම යි. ඉතා බලවත් මත්ද්‍රව්‍යයක් වන මෙය වහා ඇබ්බැහි කරවනසුළු වන අතර එම කාරණාව නිසාම, ඉතා බරපතල අතුරු ආබාධ ඇති කිරීමට සමත් වෙන බව සඳහන් වෙනවා.
අයිස් සාමාන්‍යයෙන් පළිඟු හැඩැති කුඩා ස්ඵටික ආකාරයෙන් දැකගත හැකි අතර, සුදු හෝ දුඹුරු පැහැති, තියුණු ගන්ධයක් සහිත කුඩක් වශයෙන් ද සමාජ සංසරණයට එක්වන බව අයිස් භාවිතයට ගැනීමේ දී බහුල වශයෙන් දුමක් වශයෙන් භාවිතය ගනු ලබන්නේ ඉන් ඇතිවන බලපෑම ශරීරයට ඉතා ඉක්මනින් දැනෙන නිසා යි. ඊට අමතරව එන්නත් කටු භාවිතයෙන් මෙන්ම මුඛය හරහා ද ගනු ලබන නමුත් ඉන් ශරීරයට සංවේදනය ඇති කිරීමට විනාඩි 15 -30 අතර කාලයක් ගතවනවා. මෙම ක්රමයන්ට අමතරව නාසයෙන් කුඩක් සේ ඉහළට ඇදීමෙන් ද විනාඩි 3 - 5 අතර කාලයක දී සංවේදනය වීම ආරම්භ වෙනවා.
මෙම මත්ද්‍රව්‍යයෙන් උද්වේගකර හැඟීමක් ඇතිකරන්නේ මිනිත්තු කීපයකට පමණ යි. ඉන්පසු එහි සාමාන්‍ය බලපෑම පැය කීපයක් පුරා රඳා පවතිනවා. මෙනිසා මත්ද්‍රව්‍ය මට්ටම අඛණ්ඩව රුධිරයේ තබාගැනීමට නම් දිගින් දිගටම මෙම මත්ද්‍රව්‍යය ලබාගැනීමට භාවිතා කරන්නාට සිදුවෙනවා. ඇබ්බැහිය ආරම්භ වන්නේ මෙවිට යි. මෙනිසා දින කීපයක් යනතුරු සුවදායී නින්දක් ලබා ගැනීමට අපහසු වීම, කෑම අරුචිය ඇතිවිය හැකියි.
මෙම මත්ද්‍රව්‍යය භාවිතයෙන් පොදුවේ ඉස්මතු වන ශාරීරික සහ හැසිරීම් වෙනස්කම් කීපයක්
- *සුළු වේලාවකට පවතින අසාමාන්‍ය සතුටක්, ආත්ම විශ්වාසයක් ඇතිවීම
- *ශරීරය කිතිකැවෙන, පොපියන ස්වභාවයක් දැනීම
- *ඇසේ කණීනිකාව විශාල වීම සහ මුඛය වියළීම
- *දත්මිටි කෑම සහ අධික ලෙස දහදිය දැමීම
- *හෘද ස්පන්දනය ඉහළ යාම සහ වේගවත් හුස්ම ගැනීම
- *ආහාර රුචිය අවම වීම
- *ලිංගික ආශාවන් ඉහළ යාම සහ නැඹුරුතාව ඉහළ යාම
එසේම අයිස් එන්නත් කටු භාවිතයෙන් ලබාගැනීම මඟින් පිටගැස්ම, වෙනත් ආසාදන බෝවීම හෝ රුධිර ශිරාවන්ට හානිවීම් වැනි ආබාධයන් ඇතිවිය හැකියි. එන්නත් කටු හවුලේ භාවිතය මඟින් හෙපටයිටීස් බී, හෙපටයිටීස් සී, HIV වැනි රෝග ආසාදනය විය හැකි සම්භාවිතාවයක් පවතිනවා. නාසය හරහා භාවිතා කිරීමේ දී නාස් කුහරය තුවාල වීම හරහා නාසයෙන් රුධිරය වහනය වීමේ අවදානමක් පවතින අතර එයින් සහ ආඝ්රානයෙන්, ශ්වසන පද්ධතියට හානි වීමට හැකියි.
අයිස් අධිමාත්‍රාවක් භාවිතා කිරීමෙන් ඇතිවන බලපෑම
අයිස් පමණක් නොවෙයි, ඕනෑම මත්ද්‍රව්‍යයක අධිමාත්‍රාවක් භාවිතයට ගැනීම මරණයෙන් කෙළවර විය හැකි හෝ සදාකාලික ශාරීරික ආබාධ ඇති කළ හැකි ක්‍රියාවක්. අයිස් මත්ද්‍රව්‍යයේ අධිමාත්‍රාවක් ලබාගත් තැනැත්තෙකු හට ඇතිවිය හැකි සංකූලතා ගණනාවක් පවතිනවා.
- *හෘද ස්පන්දනය ඉහළ යාම සහ පපුවේ වේදනාව
- *හුස්ම ගැනීමේ අපහසුතා ඇති වීම
- *ශරීරය පාලනයකින් තොරව තදින් ගැස්සීම
- *අධික ලෙස ආවේගශීලී වීම, වික්ෂිප්ත ස්වභාවය සහ නොසංසුන් බව
- *හදිසියේ ඇතිවන හිසේ කැක්කුම
- *සිහිමූර්ඡා වීම
- *මරනය
- අයිස් මත්ද්‍රව්‍ය නිෂ්ක්‍රමණය ඉතා බැරෑරුම් ක්‍රියාවලියක්. මේ නිසා පළපුරුදු විශේෂඥ දැනුමක් ඇති පිරිසකගේ උපදෙස් සහ අධීක්ෂණය අනුව එය සිදුකිරීම යෝග්‍ය යි. මීට අමතරව මෙම ක්‍රියාවලිය පහසු කිරීම සඳහා මානසික සෞඛ්‍ය දියුණු කරන භාවනා ක්‍රම, නිෂ්ක්‍රමණ කාල සීමාව තුළ සිත වෙනතකට යොමුවන පරිදි කාර්යබහුල වීම, සහ අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට නැවත පෙළඹිය හැකි උත්තේජකයන්ගෙන් ඈත්ව සිටීමට කටයුතු කිරීම වැදගත්. මීට අමතරව වෛද්‍ය අධීක්ෂණය යටතේ දීර්ඝකාලීන ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාව ද පවතිනවා.
තරුණයා රටක ජීවනාලිය ලෙස රටේ ආර්ථික ශක්තියට උරදෙනු ලබන කණ්ඩායම යි. රටක තරුණ පරම්පරාවේ කඩාවැටීම රටේ ආර්ථිකය බිඳ වැටීමේ ප්‍රධානම සාධකයක් විය හැකියි. මත්ද්‍රව්‍ය භාවිතය සෑම විටකම රටක සමාජ ගැටළු ඇති කරමින්, රටේ සෞඛ්‍ය පද්ධතියට අමතර බරක් එක් කරන අතරේ භාවිතා කරන්නාගේ පුද්ගලික ජිවිතයේ ද මහත් ගැටළු ඇතිකරනවා. ඒ නිසා අපත් රැකෙන, රටත් රකින වගකිවයුතු පුද්ගලයෙකු වීම අප කාගේත් වගකීමක්.
වටිනා ලිපියක්...
ReplyDelete👌👌
ReplyDeleteGreat article 👍
ReplyDeleteGood
ReplyDeleteMaru
ReplyDeleteකාලෝචිතයි 🤞
ReplyDeleteහරි මගකට යහපත් මගපෙන්වීමක් සුභ පැතුම්
ReplyDeleteහොඳ වැඩක්
ReplyDeleteGreat one
ReplyDeleteGreat one
ReplyDelete